බෙලිඅත්තේ මාරක අනතුරක්

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී ඊයේ රාත්‍රී 8.30ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 05 දෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත්කර ඇති බව සඳහන්.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 72ක පුද්ගලයෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ 04 දෙනෙකු ගමන්කර ඇති අතර ටිපර් රථයේ දෙදෙනෙකු ගමන්කරමින් සිට තිබෙනවා.

අධික වේගය නිසා මෙම අනතුර සිදුව ඇති අතර සිදුවීම පිළිබඳව තංගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *