බොරුව රජකරවන, ජනතාව රවට්ටන ගොබෙල්ස් න්‍යාය අපේ රටේ ක්‍රියාත්මක වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අදත් රටේ ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාව ගොනාට ඇන්දවීම බවත් මුළු රටම බොරුවෙන් මුසාවෙන් මුලාවෙන රවටන බවත් ඇස්බැන්දුම් රංගන දියත් කරන ආකාරය පෙනී යන බවත් මේවාට ඔස්කා සම්මානවලටත් වඩා සම්මාන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන් ජනතාව ඇන්දවීම, රැවටීම, මංමුලා කිරීම පැය 24ම දවස් 365ම තමන්ගේ වෘත්තීය බවට පත් කර ගෙන ඇති මොහොතක ගොබෙල්ස්ගේ න්‍යාය මනා ලෙස රටේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නැති දේ ඇති කර ඇති දේ නැති කර බොරුව සත්‍ය කර සත්‍ය බොරුව කරනා බවත් මෙවැනි මිත්‍යාවාදී ගමනකට නම් රට ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිට්ලර්ගේ ගොබෙල්ස්ගේ පාලන තන්ත්‍රය තුළ බොරුව කියමින් බොරුව ඇත්ත කළ බවත් එවැනි න්‍යායක් අදත් ක්‍රියාත්මක විය යුතු බවත් රට ගොඩ ගැනීමට නම් රටේ ඇති සැබෑ තත්ත්වය අවබෝධ කර ගත යුතු බවත් තිත්ත ඇත්ත මේ රටේ ජනතාවට කිවයුතු බවත් අප රට ඇ. ඩොලර් බිලියන 92කට වැඩි ණයබරතාවකින් පෙළෙන බවත් මේ ණය බරතාව දේශීය හා විදේශීය ණය ලෙස වෙන් වන බවත් මේ ණය සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 26) ගම්පහ බියගම පමුණුවිල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 262 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *