බොරු කියමින් පුරවැසියා ජෝක් එකක් බවට පත්කරන, ශිශ්ට විදිහට දේශපාලනය නොකරන අයට 14 වෙනිදා පාඩමක් උගන්වමු

බොරු කියමින් පුරවැසියා ජෝක් එකක් බවට පත්කරන, ශිශ්ට විදිහට දේශපාලනය නොකරන අයට 14 වෙනිදා පාඩමක් උගන්වමු බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.. ජනතාවට මැතිවරනයක් තිබෙන බව නොදැනෙන්නේ විපක්ශයේ සියලු පක්ශ නාමයෝජනා දෙද්දිම චන්දය ඇතෑරපු නිසා බව වැඩිදුරටත් පැවසීය

ජාතික ජන බලවේගයක් ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ රාත්‍රියේ මත්තේගොඩ පැවති ජන හමුවකට සහභාගී වෙමිනුයි අගමැතිනිය මේ බව පැවසූවේ. කොළඹ දිස්ත්‍රික් අපේක්ශක අනුර පනාගොඩ නීතීන සුසන්ත දොඩාවත්ත ඇතුලු පිරිසක් මේ සදහා සහභාගී වී සිටියා

මත්තෙගොඩ ජන හමුව

හරිනි අමරසූරිය

ජනතාව රට වෙනස් කරන්න අපිට චන්දය දුන්න්න

ඒක තමයි මේ රටේ සිදුවුන විශිශ්ටම. පරිවර්තනය

රටක් වෙනස් වෙන්නනම් පුරවැසියනුත් ඔවුන්ගේ වගකීම ඉටුකරන්න ඕන ඒක ඔබලා කලා

අලුත් ගමන පුනුරුද ගමනක් ආරම්බ වෙලා තියෙන්නේ

මනුශ්‍යත්වයෙන් පිරි රටක් නිර්මානය වෙනවා

අද සිද්දවෙලා තියෙන්නේ දූශිත දේශපාලනය ප්‍රතික්ශේප කරලා අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනතාව එකතුවෙලා තියෙනවා

මේ කාලේ ගත්ත විශිශ්ටම දේ ඒක

ජනාධිපති සහෝදරයා දැක්කාම අපිට හැගෙනවා අපිවෙනුවෙන් වැඩකරන්න සහෝදරයෙක් ඉන්නවා කියලා

ඔහු රටට ආදර්ශ සපයමින් ඉන්නවා

මේ රටට බරක් නොවී මහජන නියෝජිතයෙක් ඉන්න ඕන විදිහ පෙන්වලා තියෙනවා

මේ රට හදන්න පුළුවන් සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවනා

පොහොසත් රටක් හදන්න පුළුවන් අයවැයක් අපි හදාගන්න ඕන

අපිට මේ අන්තර් කාලය තුල කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හිටපු අය කරපු වැරදි නිසා උනු දේවල් විසදමින් රට ස්තාවරව තියාගන්න එක

අපිට අපේ වැඩපිළිවෙළ ඉටුකරන්න ආන්ඩුවක් හදාගන්න ඕන

ජනතාව වෙනුවෙන් වැඩකරන පාර්ලිමේන්තුවක් හදාගනිමු

අලුත් ගමනට සුදුසු ලැයිස්තුවක් හදලා තියෙන්නේ මාලිමාව විතරයි

මාලිමාවේ වේදිකාවල කාන්තාවන් වැඩිවෙලා ඒකෙන් පෙන්වන්නේ කාන්තා නායකත්වය ඉන්නවා කියලා

මේ දවස්වල මැතිවරන උනන්දුවක් නෑ කියලා පේනවා නේද ඒ තරගයක් නැති නිසා

එයාලා කතාකරන්නේ විපක්ශයක් හදන්න

ඒ කියන්නේ ඒ අය ආන්ඩු බලය ගන්න එක ඇතෑරලා

වෙනදා නාමයෝජනා දෙද්දී අපිට පිටිපස්ස තිබුනේ එයාලා තමයි ඉස්සරහා පුටුවල හිටියේ මේ පාර අපි තමයි ඉස්සරහා හිටියේ

එයාලා කිව්වා ආසන තුනක් හතරක් විතරයි බලාපොරොත්තු වෙන්නේ කියලා

ඒ කියන්නේ නාමයෝජනා දෙද්දිම අනිත් පක්ශ චන්දය අතෑරලා

ඒ ගොල්ලෝ බොරු කියන එක තවම නවත්වලා නෑ

බොරුකියලා දිනනන් බෑ කියන එක එයාලා තේරුම් ගන්න ඕන

ඔය බොරුවලට අපි උත්තර දෙන්න යන්නේ නෑ

ඔය විදිහට බොරු කියමින් පුරවැසියා ජෝක් එකක් බවට පත්කර්න්නවනම් ඒ කරන්නේ ඔවුන්ගේ බැරිකම

පුරවැසියන්ට සලකන්නේ නෑ කියන එක

එවැනි සංස්කෘතියක් තියෙන පක්ශ වලට තව දුරට ඉඩ නෑ කිඋඅන එක 14 වෙනිදා උගන්වමු

ශිශ්ට විදිහට දේශපාලනය කරන්න බැරි අයට පාඩමක් උගන්වමු.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *