බෝනස් ගැන කියලා ඇත්ත ප්‍රශ්න වසන් කරනවා.

විදුලි බල වෘත්තිය සමිති මාධ්‍ය හමුවූ

නන්දන උදය කුමාර
උප සභාපති

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය

ජනතාව අතර විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ බෝනස් එක පිළිබද විවිධ දුර්මත සමාජ ගත වෙලා තියෙනවා

මේ ආණ්ඩුව පත් වෙලා මාස කිහිපයක් පහුගිය ආණ්ඩු කාලයේ සිට විශාල ගැටළු රාශියක් තිබුණා

සේවකයන්ට පරිභෝගිකයන්ට සහ ආයතනයටත් ගැටළු තිබුණා

සියට 400 න් විදුලි බීල වැඩි උනා අපි සේවකයන් හැටියට ජනතාවට සහන ලැබෙන ඒකට විරුද්ද නැ ඒ සදහා අපේ දායකත්වය අපි ලබා දෙනවා

සමහර දිස්ත්‍රික්ක වල විදුලි මීටර් නැ රැහැන් නැ විදුලිය දෙන්න සති ගණන් කල් යනවා සේවක හිගයක් තියෙනවා සේවාව ලබා ගන්න කල් යනවා

නව අමාත්‍යවරයට මේ ගැටළු විසදන්න වෙනවා ජනතාවත් එය බලාපොරොත්තු උනා

වැටුප් විෂමතා තියෙනවා සේවකයන්ට ඒ පිළිබද අධිකරණ නියෝග පවා ලැබිල තියෙනවා වැටුප් විෂමතාවය පිළිබද නමුත් විසදුම් නැ

මෙපමණ ගැටළු තිබියදී සේවකයනේ බෝනස් එක ගැන සමාජ මාද්‍ය වල උළුප්පා පෙන්නවන්න පිරිසක් කටයුතු කරනවා

බෝනස් එක ගැන කතාබහ ඇති කරල ඇත්ත ප්‍රශ්නය යට ගිහින් තියෙනවා

ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙන්න අපි කටයුතු කරනවා දුෂ්කරතා මත විශේෂයෙන් ගංවතුර තත්වය නිසා බිද වැටුණු විදුලිය ලබා දෙන්න අපි තවමත් කටයුතු කරනවා

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට මේ බෝනස් දෙන එක නෙවෙයි එකම ප්‍රශ්නය

බොහොමයක් සේවකයන්ට තියෙන්නේ රුපියල් ලක්ෂයට අඩු බෝනස් එකක් ඒක ලැබුනා කියලා රට සවාරි හරි ඇපල් වතු ගන්න යන්නේ නැ

බෝනස් අරන් සේවකයන්ගේ කැඩුණු වාහනය හදාගන්න වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තාවයන් වැනි දෙයක් කරගන්න බලන්නේ

සහල් මාෆියාවක් නිසා සහල් මිල ඉහල ගිහින් තියෙනවා සහල් මෝල් සේවකයන්ට බෝනස් දුන්න නිසා සහල් මිල ඉහල ගිහින් කියලා කවුරුත් කියන්නේ නැ නේ ඒක වෙලා තියෙන්නේ මාෆියාවක් නිසා විදුලි බීල ඉහල ගිහින් තියෙන්නේ විදුලි මාෆියාවක් නිසා

ජල විදුලි බලාගර වල ජලය තියෙද්දී නොරොච්චෝලේ බලාගාරයට ගල් අගුරු තියෙද්දී පුද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගන්නවා තවමත් අපිට මෙය ප්‍රශ්නයක්

තිලක් සියබලාපිටිය වැනි විද්වතෙක් සභාපති වෙලා සිටියදීත් තවමත් වැඩි ධාරිතාවක් යුතු විදුලිය මිලදී ගන්නේ පුද්ගලික බලාගාර වලින්

මහජන උපයෝගීතා කොමිසම තවත් මාස හයකින් විදුලි බීල වෙනස් වෙන්නේ නැ කියනවා අලුතින් පත් වුනු නිලධාරීන් නෙවෙයි මේ විදුලි බල මණ්ඩලය මෙහෙයවන්නේ ඊට පහලින් ඉන්න නිලධාරීන්

බෝනස් එක කරලියට ගෙනල්ලා ඇත්ත ප්‍රශ්නය වහනවා ජල ගල් අගුරු බලාගාර වලින් විදලිය නොගෙන පුද්ගලික බලාගාර වලින් දැන් විදිලිය අරන් ලබන වසරේ පෙබරවාරි මාර්තු වර්ෂාව නොමැති කාලයේ විදුලිය ගන්න මුදල් නැති වෙනවා

පෙබරවාරි මාර්තු වෙනකොට නැවතත් පැය 7/8 විදුලිය කපන්න කටයුතු කරන්න හදන්නේ නැවතත් අර පරණ මාෆියාව ක්‍රියාත්මක වෙන්නේ

අපි කියන්නේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න විසදන්න කටයුතු කරන්න මොකද අපේ ප්‍රශ්න විසදන්න කටයුතු නොකර මාෆියාව ක්‍රියාත්මක වෙනවා නම් අපි දෙපාරක් හිතන්නේ නැ අපි වුර්තිය ක්‍රියාමාර්ග ගන්නවා

අපි විදුලි පනත හාකුලාගන්න අවශ්‍ය කරන විරෝධය පල කරා ඒ වගේම අපේ ප්‍රශ්න විසදන්නත් අපි වුර්තිය ක්‍රියාමාර්ග වලට යනවා

ආණ්ඩුවේ වුර්තිය සමිතියක් ම බෝනස් අවශ්‍යයී කියලා කියනවා ආණ්ඩුව කියනවා බෝනස් දෙන්නේ නැ කියලා

මේ ප්‍රසාද දීමනාව කරලියට ගෙනල්ලා යටින් කෙරෙන මාෆියාව දුෂණය නවත්තන්න කටයුතු කල යුතුයි

ආණ්ඩුව වෙනස් උනා නිලධාරීන් වෙනස් උනා නමුත් විදුලි බල මණ්ඩලයේ වෙනසක් වෙලා නැ වංක නිලධාරීන් නිසා මාෆියාව ක්‍රියාත්මක වෙනවා පරණ තැනටම වැටෙන තත්වයක් තියෙන්නේ

වැස්සොත් ලාබයි නැත්නම් පාඩුයි කියන නියායක් විතරයි මණ්ඩලයට තියෙන්නේ මේ අවුරුදු ගානක් තිස්සේ තියෙන ක්‍රමය ඉන් එහාට ගිහින් නැ

ඔන්න පුළුවන් නම් මේ දුෂණය වංචාව නවත්තන්න දැන් මේ ආණ්ඩුවට අවස්ථාව අපි දන්නවා දවසින් දෙකෙන් මැජික් පෙන්නන්න බැ කියලා අපි ඉල්ලා සිටිනවා මේ මාෆියාව නවත්තන්න කියලා

මාද්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා මේ බෝනස් එක කරලියට ගෙනල්ල යටින් ගෙනයන මාෆියාව පිළබද සොයා බලන්න කියලා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *