මංකොල්ලකෑමට නිවසේ බැඳදැමූ කාන්තාවට සිදු වූ අපරාධය

වැලිගම පොලිස් වසමේ නිවසක පදිංචි ව සිටි වයස (78) විවාහක කාන්තාවක් ඊයේ (06) රාත්‍රි 11:30ට පමණ නිවසේ තනියම රැදී සිටින අවස්ථාවේදී නාඳුනන මංකොල්ලකරුවන් නිවසට ඇතුළු වී කාන්තාව බැඳ දමා නිවසේ දේපොල මංකොල්ල කා පළාගොස් තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා සිය සහෝදරිය සමඟ වෛද්‍ය ප්‍රථිකාර ගැනීම සඳහා වැලිගම නගරයට ගොස් සිටි අවස්ථාවේ නිවස මංකොල්ලකෑම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවේ මෙම කාන්තාව මෙලෙස සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බවයි.

මේ වන විට මරණය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩි දුර පරික්ෂණ කටයුතු
වැලිගම පොලිසිය මගින් සිදු කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *