මංජු නිශ්ශංකගේ නායකත්වයෙන් ජාතික ජනතා පක්ශයත් මෙවර මහ මැතිවරනයට

මංජු නිශ්ශංකගේ නායකත්වයෙන් ජාතික ජනතා පක්ශයත් මෙවර මහ මැතිවරනයට ඉදිරිපත් වෙන බව අද දින කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මංජු නිශ්ශංක මහතා පැවසීය . ජනාධිපති නීතිය ශ්‍රීනාත් පෙරේරා , සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත ඇතුලු පිරිසක් ජාතික ජනතා පක්ශයෙන් ඉදිරිපත් වීමට නියමිතයි
ජාතික ජනතා පක්ෂය මාද්‍ය හමුව
මංජු ශ්‍රී නිශ්ෂන්ක
පක්ෂ නායක දේශපාලනය හා පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව අපි වෙනම ගමනක් යනවා
බණ්ඩාරනායක වික්‍රමසිංහ රාජපක්ෂලා වගේ පරම්පරා ගත සහ ඔවුන් සමග බැදුණු අය බුදලයක් ලෙස භාවිතා කරපු නිසා මේ රට විනාශ උනා
2021 පස්සේ ජනතාව දැන් තේරුම් අරන් තියෙනවා
දක්ෂිණංශික දේශපාලන ගමනක් ආරම්භ කරනව රට ගොඩ ගන්න පුළුවන් පිරිසක් අපි වටා ඉන්නවා
ශක්තිමත් රටක් ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුල ඇති කරන්න අපි කටයුතු කරනව
පහුගිය කාලේ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ හිතවතුන් පෝසතුන් බවට පත් කරලා මේ රටේ ආර්ථිකය විනාශ කරා
දැන් මිනිස්සු පවුල් දේශපාලනය ගලවල අරන් ඉවරයි
අනුර කුමාර ජයග්‍රහණය කරවලා ජනතාව පෙන්නුවා
පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් 200 විතර ගෙදර යැවිය යුතුයි
දැන් 30/35 විතර දේශපාලනයෙන් ඉවත් වෙනවා තරග කරන්නේ නෑ කියලා තියෙන පුවත් අහන්න ලැබෙනවා
පිරිසිදු දේශපාලනයක් ඇතිකරන්න ලංකවේ සියලු විවිධ වලින්අපි අපේක්ෂකයින් ඉදිරිපත් කරනව ඒ වෙනුවෙන් අපි සමග එකතු වෙන්න පුළුවන් අයට ආරාධනා කරනව
නීතිඟ ශ්‍රීනාත් පෙරේරා
අපි තනිව කාගෙවත් සාක්කුවට වැටෙන්නේ නැතුව තනිව තරග කරනව
පහුගිය කාලේ හිටපු අය ජනතාවගේ හුස්ම හිරකරා ඔවුන්ගේ හිතවතුන් දුෂිතයන් ආරක්ෂා කරමින්
දක්ෂිණංශික දේශපාලන ගමනක් අපි යනවා අපි ලග මුදල් නෑ පොම්ප කරන්න අපි අවංකව කටයුතු කරපු පිරිසක් බව ජනතාව දන්නවා
අනුර දිසානායක බාලයට පත් කරා ජනතාව ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඉඩක් ලැබෙන බවත් ස්ථිරයි
නමුත් ඉගිලෙන කොට සුද පේන්න ගන්නේ මහමැතිවරණයෙන් පස්සේ
අසීමිත බලය ලැබුණු විට අසීමිත දුෂණය ඇතිවෙනවා දැන් ඔවුන් සිල් ආරක්ෂා කරනව
නමුත් ඔවුන් පිලි පැනල ගියොත් අපිට වෙන්නේ අඩන්න ඒ නිසා එයට සුදානම් විය යුතුයි
ඒ සදහා පෙනී සිටින්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි නිවැරදි දේට අත උස්සල සහය දෙනවා වගේම ඒ වගේම වැරදි දෙයට එරෙහිව හඩ නගනවා
දැනට UNP සජබ අය දුෂිත අය විපක්ෂයේ හිටියත් අවංකව කටයුතු කරන්නේ නෑ ඔවුන් ගේ බාදාගෝස්තරය ගැන විතරයි හිතන්නේ
ජනතාව වෙනුවෙන් සංවේදී පිරිසක් යැවිය යුතුයි ඒ සදහා සුදුසු පිරිසක් යැවිය යුතුයි
සංජය මහවත්ත
අපි එදා ඉදලා ජනතාව වෙනුවෙන් කටයුතු කරපු පිරිසක් ෆයිල් වලින් වැඩ ගත්තු පිරිසක්
අපි ලග සුදුසුකම් තියෙනවා මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙනවා අපි ප්‍රතිපත්ති කඩන්නේ නෑ
අපි ප්‍රසිද්ද දේශපාලන පක්ෂ ළහට චරිත ලගට ගියේ නෑ සමහර සිවිල් ක්‍රියාකාරින් ජනතාව වෙනුවෙන් පක්ෂ සමග එකතු උනාට ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි උනා
සිවිල් ක්‍රියාකාරින් හැටියට ඔවුන් සම්බන්ද වෙන පක්ෂ වලට අනුව කටයුතු කරන්න උනා
නමුත් අපි එකතුවෙලා ඉන්නෙ ආර්ථික දැනුමක් ඇති අයකු සමග මේ රට ගොඩනගන්න
මම රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරනව ජනතාව අපි ගැන දන්නවා ජනතාව වෙනුවෙන් කටයුතු කරන පිරිසක් බව මේ රට ආලෝකමත් කරන්න අපි සමග එකතුවෙන්න

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *