“මගේ පුතා කියලා දැන් කියන්නේ නෑ” තර්ජන මැද මිහිදන් වූ ක්ලබ් වසන්ත

පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත නැමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා.

එහිදී වසන්තගේ මව අවමංගල සභාව අමතමින් පැවසුවේ වසන්ත මෙන් පුතෙකු කිසිඳු අම්මා කෙනෙකුට නොලැබෙන බවත් එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද සඳහන් කළා.

තමා දැන් “මගේ පුතා” කියා නොපවසන බවත් “ඔබතුමාට නිවන්සුව” යැයි ප්‍රාර්ථනා කරන බවත් වසන්තගේ මව පැවසුවා.

එමෙන්ම මේ පුන්‍ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරන බවද ඇය වැඩිදුරටත් සිය අවමංගල කතාවේදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *