පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
සමගි ජනබලවේගය මාධ්‍ය හමුව
පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේදී
01 පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
මගේ තියන උපාධි වල නම් සහතික තිබෙනවා.අද කථානායකතුමාගේ උපාධි ගැන කතා වෙනවා, ආචාර්ය පට්ටම ආවේ කොහොමද කියලා කතා වෙනවා,ජනතාව නොමග යැව්වද කියලා හිතෙනවා.මේක කථානායකතුමාටත් අගෞරවයක් .ඒ නිසා කථානායකතුමා මේකට පිලිතුරු දෙන්න ඕන.කථානායකතුමාට අගෞරවයක් වීම පාර්ලිමේන්තුවටම වෙන අගෞරවයක්.
මට නම් පශ්චාත් උපාධියක් තිබෙනවා.
මේ වගේ විහිලු සපයන අයටත් උපාධි ගැන කියනවා අපි දැකලා තිබෙනවා.මුදලට උපාධි ගන්න පුලුවන් ආයතනත් තිබෙනවා.
කථානායකතුමාට විතරක් නොවෙයි තවායට මේ චෝදනාව එල්ල වෙනවා.විද්වතුන් පත් කලා කියලා ජනතාව නොමග යැව්වාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා
අනුර කුමාර ජනාධිපතිතුමා මීට වසරකට දෙකකට පෙර විපක්ෂයේ සිට කිව්වේ කොහොමද ,මේ ගෝඨා පාට් 2 ද කියලා හිතෙනවා.ගෝඨාභය කල ටිකම අද මෙයාලත් කරනවා පේනවා.හාල් ගැන සාකච්ඡා කරනවා නමුත්වැඩක් නෑ.මිල අඩුවක් වෙලත් නෑ හාල් වෙලදපොලට ලැබිලත් නෑ.අද සතොසෙත් හාල් නෑ.
හාල් ඇටයක් ආනයනය කරන්නේ නෑ කියලා ගෝඨාභය කිව්වා, ඒ දේම අනුර කුමාර දිසානායක කිව්වා,නමුත් දැන් සහල් ආනයනය කරනවා.මේ රටේ ජනතාව නැවත රැවටුනාද කියලා හිතෙනවා.
ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ලැබිලා තිබෙනවාදැයි අපි අහනවා.
මෝල් වල තියන වී ටික හොයාගන්න බැරි අය පිට රටවල් වල හංගෙන ඉන්නවා කියල සල්ලි හොයන්නේ කොහොමද කියලා අපි අහනවා.
ජනතාව ඉන්නේ අමාරුවෙන් ජනතාවට සහන ලබා දිය යුතුයි.මැතිවරණයට පෙර කියපු දේවල් දැන් කරන්න ඕන
එක්කෝ බදු අඩු කරලා සහන දෙන්න ඕන
නැත්නම් පඩි වැඩි කරන්න ඕන.
අපි ජනතාවට කියන්නේ දැන් රැවටුනා ඇති.
ජාතික ලයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධයෙන් හැම පක්ෂයකම ගැටලු තිබෙනවා.ඉක්මනින් ජාතික ලයිස්තුවට පිරිස පත් කරනවා.මම හොදයි කියලා හිතන අය මෙහෙම මාධ්‍යයට කියන එක හරි නෑ නේ.ඔය ප්රශ්නය මහ ලේකම් තුමාගෙන් අහන්න.අපි ජාතික ලයිස්තු *ලිස්ට් එකට මන්ත්‍රීධූර දෙන්නේ නෑ කියලත් නෑ නේ.ලේකම් තුමාගෙන් අහන්න (කියා මාධ්‍ය හමුව අවසන් කරමින් නැගිට ගියා)