මඩු සහ ශ්‍රී පාද වන්දනාකරුවන්ට මාර්ගවලදී දඩ ගැසීම් ජනපතිගේ අවධානයට

මඩු සහ ශ්‍රී පාද වන්දනාකරුවන්ට මාර්ගවලදී දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය පවතින්නේ එම වන්දනාකරුවන් සඳහායි. ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගයේ තිබෙන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහායි.

එබැවින් වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ලක්ෂ තිහක දඩයක් පනවනවා නම් එය සාධාරණ කටයුත්තක් ලෙස මා දකින්නෙ නැහැ.

එම නිසා මන්නාරම රදගුරු පදවියේ නියෝජිතයෙක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම මාර්ගය පවිත්‍ර කර සංවර්ධනය කර දෙන්න. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර මෙම කටයුතු අවසන් කර දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *