මත්පැන්හල් බලපත්‍රවලට අදාල අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

සුරාබදු රෙගුලාසි වලට පටහැනි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා.

සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම හතරක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *