“මම අනුරට ෆයිල් 400ක් දුන්නට ආපහු මට ලැබුණේ ෆයිල් 20යි”

ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව අනුර කුමාර එකක් කියන බවත්, හඳුන්නෙත්ති තව එකක් කියන බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම, අයවැයට මුදල් සොයාගන්නේ කෙසේදැයි විමසූ විට සොරකම් කළ ධනයෙන් සොයාගන්නා බවට මාලිමාව පවසන බවද ඔහු සඳහන් කළා.

සොරකම් සම්බන්දව සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ෆයිල් හාරසිය ගණනක් ලබාදුන් බවත් එම ෆයිල්වලින් තමාට නැවත ලැබුණේ ෆයිල් 20ක් පමණක් බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රසිංහ පවසනවා.

තවම සොරුන් සොයාගෙන නැති බවත්, සොරාගත් ධනය රජයකට ලබාගැනීමට නම් තවත් වසර 05ක් පමණ ගතවන බවත්, ඒ අනුව මාලිමාවට කිසිඳු සැළසුමක් නොමැතිව බොරු ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔහු මේ අදහස් පළ කළේ, මාතලේ ප්‍රදේශයේ අද (14) පැවති ජන ‍රැළියකට එක් වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *