මලාවි උප ජනාධිපති ඇතුළු 09 දෙනෙක් ගමන් ගත් ගුවන් යානය අතුරුදන්

මලාවි උප ජනාධිපති Saulos Klaus Chilima ඇතුළු 09 දෙනෙක් ගමන් ගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අතුරුදන් වූ ගුවන් යානය සොයා ගන්නා තෙක් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයිවිදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.

51 හැවිරිදි Chilima ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වී ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය සඳහන්කර සිටියේ.

යානය රේඩාර් පද්ධතියෙන් ඉවතට ගිය දා සිට යානය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ගුවන් සේවා බලධාරීන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි වාර්තා වෙන්නේ.

ගුවන් යානය පෙරවරු 10 ට Mzuzu ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *