මව ළඟ නැති දියණියට පියෙක් සිදුකිරීමට ගිය හද කම්පාකරවන දේ

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශගතවී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරු හුංගම ,බටඅත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වෙකු ලෙස රැකියාව කරන අයෙක් බවයි පොලිසීය සඳහන් කළේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවත් පොලිසිය පැවසුවා.

හය හැවිරිදි දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *