මස්සිනා නෑනාට කළ අපරාධය

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේදී සිය බිරිදගේ, වයස අවුරුදු පහලොවක නැගණිය ගැබිණියක් කළ මස්සිනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය පාසල් ගොස් ආපසු පැමිණෙන අවස්ථාවලදී සැකකරු ඇයව පාලු ස්ථානවලට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධිය ගැන සැක සිතී සැකකරුගේ බිරිඳ ඔහුගෙන් ඒ පිළිබදව විමසූ අවස්ථාවලදී දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වී ඇති අතර මීට මාස කීපයකට පෙර පහලොස් හැවිරිදි දැරියත් සැකකරුත් නිවසින් අතුරුදන්වී පසුව මේ ගැන බිරිද විසින් පුදුකුඩීඉරිප්පු පොලීසියට කරණ ලද පැමිණිල්ලකින් පසුව පොලීසිය සිදු කළ විමර්ශනවලදී දෙදෙනා අඹු සැමියන් වශයෙන් නිවසක ජීවත් වෙමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී දැරිය පරීක්ෂා කළ මුලතිව් රෝහලේ වෛද්‍යවරු ඇය ගැබිණියක් බව සනාථ කොට ඇති අතර සැකකරුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලීසිය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *