මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමග මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් මුලතිව් කඳවුරේ උප පොලිස් පරීක්ෂක යු.එල්.ආර්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.26 වන දින වැලිඔය පොලිස් වසමේ සපුමල්තැන්න ආරණ්‍යසේනාංසනය දෙසට ඇති අතුරු මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද පාර්සල් 13 ක ඉතා සූක්ෂමව අසුරා තිබූ ලක්ෂ හැටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 27, ග්‍රෑම් 185 ක තොගයක් වැලිඔය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පූජා නගරය, මහියංගනය පදිංචි වයස අවුරුදු 43 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *