මහා මැතිවරණයෙන් පසු සන්ධාන, ජාතික ආණ්ඩු නෑ. තුනෙන් දෙකක් නොලැබෙන බවත් ටිල්වින් නොකියා කියයි..__

  • මැතිවරණයේ දී පැහැදිලි බහුතරයක් ලැබෙන බව සහතිකයි.
  • *පසුගිය ආණ්ඩුවල කොටස්කරුවන් සමඟ සන්ධානගත වීමට අකැමැතියි

ඡන්දයෙන් පසු කිසිදු සභාග ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවක් කරා නොඑළඹෙන බව පාලක ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේගය සභාග ආණ්ඩුවක් සඳහා සූදානම් වන්නේ ද යන්න පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ නොවැම්බර් 14 මහ මැතිවරණයේ දී පක්ෂයට පැහැදිලි බහුතරයක් ලැබෙන බව සහතික බැවින් එවැනි අවශ්‍යතාවක් මතු නොවන බව ය.

ඔහු මෙම අදහස් පළ කළේ මැතිවරණයෙන් පසු උතුරේ ඇතැම් පක්ෂ ජාතික ජන බලවේගය සමග එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවට වාර්තා වීමත් සමඟයි.

රජය උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන නමුත් කිසිදු හවුල් ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව පවසන ටිල්වින් සිල්වා, පසුගිය රජයන්හි වගකීම් දැරූ අය එක් කර ගැනීමට ජාතික ජන බලවේගය උනන්දු නොවන බව ද, ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරුන් 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 113කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ඕනෑම පක්ෂයකට තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවිය හැකිය. වාර්ෂික අයවැය ඇතුළු නීති සම්පාදනය කිරීමට සරල බහුතරයක් අවශ්‍ය වේ. තුනෙන් දෙකක බලය අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන බලාත්මක කිරීම වැනි විශේෂ අරමුණු සඳහා පමණි.

1994 සිට අවස්ථා දෙකක දී පමණක් ආණ්ඩු තුනෙන් දෙකක බලයක් භුක්ති වින්දේ ය. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලනය සහ ඉන් පසුව 2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණු බවත් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *