මහ බැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම

දැනට ක්‍රියාත්මකව පවතින ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රතිඵලයන් නැවත හැරවීමක් සිදුවුවහොත්, පසුගිය වසර 02ක කාලය තුළදී අත්විඳීමට සිදු වූ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37වන වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි අධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් බවද, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *