මහ විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාවට කහ රෝගය වැළඳීමෙන් අක්කර දෙදහක පමණ වගාව විනාශ වෙයි. 

            අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ සෑම වර්ෂයකම යල කන්නය සඳහා ගොවීන් අතිරේක භෝගයක් වශයෙන් වට්ටක්කා වගාව අක්කර දෙදහකට ආසන්න ප්‍රමාණයක වගා කරන අතර මෙවර එම ගොවීන්ගේ වට්ටක්කා වගාවලට හඳුනා නොගත් කහ දිලීර රෝගයක් වැළඳීමෙන් මුළුමනින්ම එම වගාව විනාශ වී ඇති ආකාරයක් දකින්නට ලැබුණා.මෙම කහ දිලීර රෝගය වැළඳීම හේතුවෙන් සමහර ගොවීන් මුළුමනින්ම එම වගාවෙන් වට්ටක්කා වැල්  ගලවා ඉවත් කරන ආකාරයක්ද දකින්නට ලැබුණු අතර  මෙම රෝගය සඳහා ගොවීන් විශාල වශයෙන් තෙල් වර්ග සහ පොහොර වර්ග කොතෙක් යෙදුවත් මෙම රෝගයෙන් වට්ටක්කා වගාව විනාශ වීම වළක්වා ගැනීමට නොහැකිව ගොවීන් දැඩි අසරණ භාවයට පත්ව සිටි .එම ගොවීන් පවසන්නේ බීජ ටින් එකක් රුපියල් දහදාහකට අධික  මිලකටත් පොහොර මිටියක් රුපියල් දහදාහක් වැනි මුදලකටත් කෘමිනාශක සඳහාද විශාල මුදලක් වැයකර මෙම වගාව ආරම්භ කර බවත් දැන් නැවතත් මෙම වට්ටක්කා බීජ අලුතින් හිටවීම කළ යුතු බවත් දෙවන වරටත් ඔවුන් ණය වන බව ගොවීන් මැසිවිලි නගයි .

මෙහිදී ගොවීන් පවසා සිටින්නේ මේ පිළිබඳව කෘෂිකර්ම  නිලධාරියකු ගොවියාගේ ගොවිබිම් වෙත පැමිණ මෙම රෝගය පිළිබඳව ගොවියා දැනුවත් කිරීමට කටයුතු නොකරන බවත් මහජනතාවගේ මුදලින් පඩි ගන්නා මෙවැනි නිලධාරීන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ගොවීන් ඉල්ලා සිටි.සමහර නිලධාරීන් ගොවි බිම් මත පැමිණ ගොවියාට මේ පිළිබඳව දැනුවත්  කර කෘමි නාසක වර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දුන්නත් ගොවීන් එම උපදෙස් අනූව  කොතෙක් කෘමි නාසක වර්ග සහ පොහොර වර්ග දියර  පොහොර වර්ග යෙදුවත් එයින්ද කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව ගොවීන් කියා සිටි.මේ වන විට ගොවීන් තම වගාවට සිදුවූ හානිය පිළිබඳව දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇති ආකාරයත් දකින්නට ලැබුණු අතර ගොවීන් ඉල්ලා සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් වන්නේ නම් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී ගොවියන් රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ගොවීන් ඉල්ලා සිටි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *