මාතරදී දුම්රියේ ගැටී මියගියේ ව්‍යාපාරිකයෙක්

මාතර වෙලේගොඩ දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයෙක්.

දුම්රියක් පැමිණෙන බවට ආලෝක සංඥා හා සීනුව නාද වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙලෙස එම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *