“මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරනවා”

සැප්තැම්බර් 21 වැනිදා පොදුජන යුගය බිහිකරනකොට මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මාතර පැවැති ජන රැළියකට එක්වෙමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ දුප්පත්භාවය , නාගරික ග්‍රාමීය ගැටලුවක් බවට පත් වී ඇති බවත් දුප්පත්භාවයෙන් මිදෙන්නට අලුත් වැඩසටහනක් ඔස්සේ පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම , නිෂ්පාදනය , අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් දියත් කරන බවය.

ඒ් අනුව සෑම දුප්පත් පවුලකම ගෘහනිය කේන්ද්‍රීයව මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා.

මේ රටේ පොදුජනතාව දිනවන පොදුජනතාව ශක්තිමත් කරන පරිපාලන දිස්ත්‍රික්ක 25 දියුණු කරන සමගි ජන සන්ධානය දිනවනවාද කියන දේ රටේ ලක්ෂ 220 ක් ජනතාව තීන්දු කළ යුතු බව විපක්ෂනායකවරයා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම අපි ළඟ පටු දේශපාලන තීන්දු නොමැති බවත් පටු දේශපාලන ගිවිසුම් නොමැති බව ඔහු අනාවරණ කර සිටියා.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඒ වගේම ලවණ බාධක ප්‍රශ්නය හේතුවෙන් කන්න 12 ක් පීඩා වින්ද මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ආරක්ෂා කරන බවය.

ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන්න අප කටයුතු කරන අතර මිනිස් සම්පත රැකගන්න අපි නිල්වලා ගඟ ප්‍රයෝජනයට ගත යුතු බව විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ගොවිතැන ශක්තිමත් කරන්න අප පොහොර සහනදායි මිලට ලබාදෙන අතර කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 ට ලබාදෙන්න කටයුතු කරන බව ඔහු කියා සිටියා.

ඒ වගේ තේ වගාවේ නියැළි සිටින අපේ කුඩා තේවතු හිමියන්ටත් ඒ සහනය ලබාදෙන්න කටයුතු කරන අතරම කුරුදු වගාව ඉහළට ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *