මාරක අනතුරු තුනක්

කොබෙයිගනේ කට්ටාපිටිය අතුරු මාර්ගයේ පහළ බලදොර ප්‍රදේශයේදී කොබෙයිගනේ සිට කට්ටාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඊයේ (12) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ එහි පිටුපස ගමන් කළ යතුරුපැදිකරුගේ සහෝදරියක්වන කුඩා දැරියක් නිකවැරටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය දැරිය වයස අවුරුදු 13ක් වූ පහළ බලදොර, කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කොබෙයිගනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර, ඊයේ රාත්‍රී කාලයේ මාතර කතරගම මාර්ගයේ මාලියද්ද ප්‍රදේශයේදී දික්වැල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බතීගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 62ක් වූ පාතෙගම මධ්‍යම, කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මොරගහහේන පොලිස් වසමේ වීදියගොඩ දියකඩ මාර්ගයේ දෙවෙනි පාලම අසලදී වීදියගොඩ දෙස සිට දියකඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 67ක් වූ හාලපිටිය, වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන අතර, පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *