මාරක අනතුර ජීවිත දෙකක් උඳුරා ගනී

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබී පුද්ගලික බස් රථයක් හා දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති අතර බස් රථයේ ගැටුණු යතුරු පැදිය බස් රථයේ යට සිරවී මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබූ අතර එහිදී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලැබූ බවයි වාර්තා වූයේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයද ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල් යායකට පෙරැළී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේදී මගීන් 40ක් පමණ සිට ඇති අතර අනතුරින් එම කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව සඳහන්.

එලෙස අනතුරට ලක්වූ ලොරි රථයේ රියදුරු හා තවත් පුද්ගලයකු ගමන් කර ඇති ඇතර ඔවුන්ටද අනතුරින් කිසිදු හානියක් සිදුව නැතත් එම ලොරි රථයට සැලකිය යුතු හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකින් දඹුල්ල මහ රෝහල වෙත රැගෙන යාමට ප්‍රදේශ්වාසීන් කටයුතුකර තිබුණා.

එලෙස ඔවුන් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී කිසිවකුත් කරන ලද දැනුම් දීමක් අනුව 1990 ගිලන්රථ සේවාවට අයත් ගිලන් රථයක් ද පැමිණ තිබුණ අතර පසුව ත්‍රීරෝද රථයෙන් රෝහලට රැගෙන යමින් සිටි අනතුරට පත්ව බරපතල තත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා බුලාගල ප්‍රදේශයේ දී 1990 ගිලන් රථයට මාරැ කිරීමට කටයුතු කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු මිය ගොස් ඇති බව පවසා ගිලන්රථයේ සේවක පිරිස විසින් එම පුද්ගලයා මහමග දමා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය කියයි.

එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයා සිය නිල රථය එම ස්ථානයට පිටත් කර යවා එම පුද්ගලයාද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑළුල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයකු හා මහනුවර හතරලියද්දි ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය අයෙගෙන් එක් අයෙකු විවාහක දෙදරු පියෙකු වන බවත් ඒ අතර මාසයක් වයසැති දරුවෙකු සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරැ පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු තලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු අද (12) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී සැකකාර රියදුරු ලබන 20 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

අනතුරින් මිය ගිය දෙදෙනාගේ සිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් පැවැත් වීමට නියමිතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව මඩාටුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *