මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයෙකු ජීවිතක්ෂයට

කඩුවක්ද රැගෙන මාවනැල්ල, පදීදොර ප්‍රදේශයේ දී කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට එම කඩුවෙන් පහරදුන් පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙකු බවයි.

මෙම සිදුවීම අතරතුර එම ස්ථානයට පැමිණෙන මාවනැල්ල පොලිසියේ පොලිස් ජංගම රථයේ සිටි නිලධාරීන් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව තකා සිදුකරන වෙඩි තැබීමේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මියගිය සැකකරුගේ පුත්‍රයාද මේ සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය සැක කරන අතර, ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගිය සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට පලාගොස් සැඟවී සිටින අනෙක් සැකකරු වයස අවුරුදු 24ක අයෙක් බවත්, ඔහුද මත්ද්‍රව්‍ය චෝදනා සහ ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව බන්ධනාගරගතව සිට දැනට සතිකයකට පමණ ඉහත ඇපමත නිදහස් වූවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය සැකකරුගේ මෘත ශරීරය මේ වනවිට මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *