මාවනැල්ලේ රැකියා නියෝජිතයා රිමාන්ඩ්

රුසියානු යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර නීති විරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යවා ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් 300කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200කට ආසන්න පිරිසක් පුහුණු කඳවුරක පුහුණුව ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කළා.

රුසියා – යුක්‍රේන යුද සේවය සඳහා මෙරටින් පිටත්ව ගිය ශ‍‍්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *