මැණික්හින්න රෝහලේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවරට

මැණික්හින්න රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය පැවසුවේ.

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේදී මෙම ගැටුම හටගෙන තිබුණේ රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු ඇතුළු පිරිසක් සහ එම රෝහලේ කාර්ය මණ්ඩලය අතරයි.

අදාළ රෝගියා ජලය යැයි සිතා පෙට්‍රල් පිරවූ බෝතලයකින් මුහුණ සේදීම නිසා ඇසෙහි ඇතිවූ වේදනාවක් හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ
තිබෙනවා.

එම පිරිස රෝහලට පැමිණෙන විටත් රෝහලේ කාර්ය මණ්ඩලය බීමතින් සිට ඇති අතර ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා ද බීමතින් සිට තිබෙනවා.

වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ රෝහලේ පැවැති අවුරුදු උත්වයකදී මෙලෙස සමත් පැන් පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසට පහර දෙන අයුරු අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබුණා.

පහරදීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මැණික්හින්න රෝහලට ඇතුළත් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කරගත් බවයි මැණික්හින්න පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *