මැතිවරණ පැමිණිලි දහස පනී

මෙවර ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගත වූ පැය 24 තුළ පමණක් මැතිවරණ පැමිණිලි 127 ක් ලැබී ඇති බවයි.

එහිදී 2024 ජූලි 31 වැනිදා සිට 2024 අගෝස්තු 25 වැනිදා දක්වා ලැබී ඇති 1052ක් වන මැතිවරණ පැමිණිලිවලින් 1006 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 42 ක් ද ලැබී ඇති බව එම නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *