මැරඩෝනා සදාතනිකව නිදන ස්ථානයේ වෙනසක්

2020 නොවැම්බරයේ දී ලොවක් අඩවමින් නිහඬ වූ ආර්ජන්ටිනාවේ ආජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනාගේ සිරුර වඩාත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට සහ ක්‍රීඩා ලෝලීන්ට ගෞරවය දැක්වීමට ඉඩ සැලසෙන පරිදි දේහය සොහොන් ගැබක තැන්පත් කිරීමට අවසර දෙන ලෙස මැරඩෝනාගේ දරුවන් ආජන්ටිනාවේ අධිකරණයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අභාවප්‍රාප්ත පාපන්දු පුරාවෘත්තයේ දේහය මේ වන විට බුවනෝස් අයර්ස් නුවරට යාබද පෞද්ගලික සොහොන් බිමක තැන්පත් කර ඇති අතර එම සුසාන භූමියට ඇතුළු විය හැක්කේ පවුලේ සාමාජිකයන්ට පමණයි.

මේ අතර මැරඩෝනා වෙනුවෙන් ඉදිවන මෙමෝරියල් ඩෙල් ඩියෙස් (Memorial del Diez) සොහොන් ගැබ ආජන්ටිනා ජනාධිපතිගේ නිල රාජකාරි ස්ථානය වන කැසා රොසාඩා (Casa Rosada) ට පිටුපසින් පිහිටා තිබෙන අතර එය ජනතාවට විවෘත වනු ඇතැයි මැරඩෝනාගේ බාලම පුත්‍රයාගේ මව වන වෙරෝනිකා ඔජෙඩා (Veronica Ojeda) පවසනවා.

මේ අනුව මැරඩෝනා වෙනුවෙන් මෙම ඉල්ලීම කරමින් ඔහුගේ පුතාවන ඩිඒගෝ මැරඩෝනා (කණිෂ්ඨ), ආජන්ටිනා නිළියක වන ඩැල්මා (Dalma), ජයනිනා මැරඩෝනා (Gianinna Maradona) සහ මැරඩෝනාගේ බිරිඳක වූ ඔජෙඩා (Ojeda) විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කරන්නේ, “මැරඩෝනාගේ දේහය තැන්පත් කර තිබෙන වර්තමාන ස්ථානයට වඩා වැඩි ආරක්ෂාවක් තිබෙන ස්ථානයකට එය මාරු කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසට මැරඩෝනාගේ සියළුම උරුමක්කාරයන් පොදු එකඟත්වයකින් යුතුව ඉල්ලා සිටිනවා” යනුවෙන්.

“එමගින්, සියළුම ආජන්ටිනා ජනතාවට හා ලෝක වැසියන්ට ආජන්ටිනාවේ සිටි අතිශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වූ අපේ පියා ට ගෞරව දැක්වීමට අවස්ථාව උදා වෙනවා” යනුවෙන් ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

1986 ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී ක්‍රීඩක මැරඩෝනාගේ දේහය එහි සදාතන සැතපීමේ ඊළඟ ස්ථානයට ගෙන යාම ඔහුගේ උපන් දිනය වන ඔක්තෝබර් 30 වැනිදා සිදු කිරීමට නියමිතව බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *