මිලියන 20ක ගංජා තොගයක් අත්අඩංගුවට

රුපියල් මිලියන විස්සකට අධික වටිනා දේශීය ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළා.

පොසොන් පෝයට පෙරදා (20) රාත්‍රීයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේදී වැටලීම සිදුකළ බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙහිදී ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරකට (104) අධික තොගයක් සමග ඒවා ප්‍රවාහනය සඳහා සූදානම් කළ සැකකරුවන් දෙදෙනෙකු සහ කැබ් රථයක්ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

මේවා පොලිතීන් ඇසුරුම් හයක අසුරා තිබුණු බවයි පොලිසිය පවසන්නේ.

ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 28 වයසේ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *