මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදා ලක්ෂ 35ක් වංචා කරලා

මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු වාර්තාවක් සකස් කර රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාගත් හිටපු අධිකරණ සේවකයෙකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත් කඩේ මහ අධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වා දෙමින් සැකකරු මෙම මුදල ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිළධාරීන් පැවරූ නඩුවකට අදාලව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පනවා තිබූ ගුවන් ගුවන් ගමන් තහනමක් ඉවත් කර ගැනීම සඳහායි.

පසුව සිය ගුවන් තහනම ඉවත් නොවීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාවරයා මුනගැසී විමසා තිබෙනවා.

එහිදී ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සඳහා ඔහුට ලබා දී ඇති නඩු වාර්තාව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව හැඳල වත්තල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක බිරිද සමග සැගව සිටියදී සැකකාර හිටපු අධිකරණ සේවකයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු වැළිසර අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මෙවැනිම වංචා සිදුකර රැකියාව අහිමි වී සිර ගතව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *