මුදල් වංචා කළැයි “නයිටා” නිලධාරියකු රිමාන්ඩ්

නිපුණතා සංවර්ධනයට රජයේ අයවැයෙන් වාර්ෂිකව වෙන්කළ ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ දාසයකට අධික මුදලක් සිය පුද්ගලික බැංකු ගිණුමට බැර කර මුදල් වංචා කළේ යැයි කියන “නයිටා” ආයතනයේ වැටුප් අංශ නිලධාරිනිය ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (22) නියෝග කළාය.

කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ නව නිපැයුම් වැටුප් අංශය නිලධාරීණි දොම්පේ ආචාරිගේ දිමුතු කාංචනා ඉන්ද්‍රසිරි නැමැති සැකකාරියෙකි.

නව නිපැයුම් ඒකකයේ වැටුප් අංශ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කරමින් තම පුද්ගලික ගිණුමට රුපියල් 1624136.44 මුදලක් බැරකර රජයේ මුදල් වංචා කිරීමට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබිණි.

රජයේ මුදල් සපරාධී සාවද්‍ය පරිහරණය සහ වංචා කිරීමට එරෙහිව කොළඹ වංචාව විමර්ශන අංශයේ ඒකක අංක08 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජපක්ෂ උප පොලිස් පරීක්ෂක රොෂාන් දිසානායක සහ පොලිස් සැරයෙන්(69034) ඉහළ ගෙදර නිලධාරීන් අධිකරණයේ කරුණු දැක්වීය.

පොලිසියේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළාය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *