නයිජීරියාවේ සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය චරිතයක් වන බොබ්රිස්කි නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා ලාගොස් නුවර පැවැති චිත්‍රපට මංගල දර්ශනයක් අතරතුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතුවෙන් මෙසේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
චිත්‍රපට දර්ශනය අතරතුර පැවති සංගීත ප්රසංගයේදී ඇය මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් ශාලාව තුළ විසිකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
නයිජීරියාවේ විවාහ සහ වෙනත් උත්සවවල දී මුදල් නෝට්ටු විසිකිරීම සාමාන්‍ය සිදු වීමක් වුව ද අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපාවලට එම මුදල් නෝට්ටු පෑගීම හේතුවෙන් බවද සඳහන්.
ඒ අනුව මුදල් නෝට්ටු අවභාවිත කිරීම යන චෝදනා යටතේ බොබ්රිස්කිව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.