“මෙච්චර කල් කියෙව්වනේ.. දැන් ඔප්පු කරලා පෙන්වන්න”

වසර ගණනාවක් තිස්සේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම, තමන් විසින් උගන්ඩාවේ සහ වෙනත් රටවල ඩොලර් බිලියන ගණනක මුදල් තැන්පත් කර ඇතැයි චෝදනා කළ බවත්, දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය එළඹ ඇති බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කර සිටියි.

තම නිල ෆේස් බුක් ගිණුමේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ ඇතුලත් වීඩියෝවක් බෙදා ගනිමින් නාමල් රාජපක්ෂ මෙම අභියෝගය කර තිබේ.

“ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ උගන්ඩාවේ සහ වෙනත් රටවල ඩොලර් බිලියන ගණනක මුදල් අප විසින් තැන්පත් කර ඇතැයි චෝදනා එල්ල කරන අතර දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය එළඹ ඇත.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *