මෙරටට ඇතුළු වූ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

මිලියන 26කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ගුලි 57ක් සමග මැඩගස්කර් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

38 හැවිරිදි එම කාන්තාව ඊයේ (12) කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන තිබුණේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්ය.

මෙම සැකකාරිය ඉතියෝපියාවේ සිට ඉන්දියාවේ මුම්බායි හරහා මෙරටට පැමිණ තිබුණි.

එහිදී එම කාන්තවගේ ශරීරය තුළ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය ඉවතට ගැනීම සඳහා මීගමුව රජය රෝහලට ඇතුළ කරන ලදී.

මේ වන විට මෙම කාන්තාව තම ශරීරයේ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය ගුලි 57 එළියට ගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 620 කට ආසන්න බව වාර්තා වෙයි.

තවදුරටත් ඇයගේ ශරීරය තුළ මත්ද්‍රව්‍ය ගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *