මෛත්‍රිට නැවතත් පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රයන් යන මහත්වරණය සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *