මෛත්‍රීට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන කියූ ඔත්තුකරු සොයයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්තරා ස්ථානයක සී.සී.ටී.වී කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

කොළඹ පිහිටි තානාපති කාර්යාල සාදයකදී හමුවූ නාඳුනන පුද්ගලයෙකු විසින් තමන්ට පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න හිටපු ජනපතිවරයාට හෙළිකල බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශය තහවුරු කරගැනීම සඳහා මෙලෙස කැමරා පරීක්ෂා කළ බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වූ හිටපු ජනපතිවරයාට ලබන අප්‍රේල් 04වන දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *