යාපනය බන්ධනාගාරයේ සිරකරුවෙක් හදිසියේම මියයයි

යාපනය බන්ධනාගාරයේ රැදිවියෙකු ඊයේ (18) හදිසියේම අසනීප වීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩුවකට කොළඹ 12හි පදිංචි 44 හැවිරිදි මෙම පුද්ගලයා යාපනය අධිකරණයේ නියෝගයක් මත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී ඔහු හදිසියේම මෙසේ අසනීප වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඔහුව බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු මියගොස් තිබෙනවා.

මියගිය රැදිවියා සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර, යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *