යුක්තියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය මැයි මාසයේ විනාශ කිරීමට පියවර

නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඊයේ (21) පැවැත්වුණා.

ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී ඔහු ප්‍රජා පොලිස් කමිටු පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳව ද අදහස් දක්වා තිබෙනවා.

පොලිස්පතිවරයා පැවසුවේ යුක්තිය මෙහෙයුමෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය මැයි මාසයේ දී විනාශ කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම පාතාලයට සහ මත්ද්‍රව්‍යවලට සහයෝගය දෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *