යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් අද සිට

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක වනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 5449 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම යුක්තිය මෙහෙයුම යටතේ නීති විරෝධී වත්කම් කොට්ඨාස මගින් වත්කම් විමර්ශන 837ක් ආරම්භ කර තිබෙනවා.

එහිදී රුපියල් මිලියන 1,425ක නීති වීරෝධීව ඉපයූ වත්කම් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, පොලිසිය සඳහන් කළේ යුක්තිය මෙහෙයුම යටතේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 11,124 වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 412ක්, අයිස් කිලෝග්‍රෑම් 426ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 11ක් ඇතුළුව රුපියල් මිලියන 19,075 ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *