යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු හමුදා අවි සැපයීම ඇමරිකාවෙන් නැවතතත් අරඹයි

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ එක්සත් ජනපදය යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු හමුදා අවි සැපයීම නැවත ආරම්භ කර ඇති බවයි.

පැට්‍රියට් බැටරි ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධති වලින් එකක් ලෙස සැලකෙන අතර, පැමිණෙන මිසයිල හඳුනාගෙන ඒවාට බාධා කිරීමේ හැකියාව ඇත.
නේටෝව හරහා යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති යැවීමට එක්සත් ජනපදය එකඟතාවයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබේ.

යුක්රේනයට එරෙහිව රුසියානු ගුවන් ප්‍රහාර වැඩිවීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ට්‍රම්ප් තවදුරටත් පවසා තිබේ.

What's your reaction?

Related Posts

1 of 396

Leave A Reply

Your email address will not be published. Required fields are marked *