යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ බලකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව පුත්තලම මදුරන්කුලිය ප්රදේශයේ 2024.11. 28 දින හවස සිදුකළ වැටලීමකදී රුපියල් 5,700,000.00කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 16කට අසන්න කේරළ ගංජා නීතිවිරෝධිව සන්තකයේ තබාගෙන විකිණිමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග ප්රවාහනය සදහා යෙදාගත් මෝටර් රථයක්
අත්අඩංගුවට ගෙන ඇත.
මදුරන්කුලිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් පමණ වන පුද්ගලයෙකු සහ මංගලඑලිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු මෙලෙස නීති විරෝධි කේරළ ගංජා සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සබැඳිව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරිම සදහා අත්අඩංගුවට ගත් අයවළුන් මුන්දලම පොලිසිය වෙත බාර දි ඇත.