යුද්ධ හමුදා 75 වන සංවත්සරයට පැල 75000ක් ජාතියට

යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනය සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත පැල 75000 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් යුධ හමුදා මුලස්ථාන පරිශ්‍රයේ ‘රත් හදුන්’ පැලයක් රෝපණය කරමින් සමාරම්භය සටහන් කරන ලදී.
මෙයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා කෘෂිකර්ම ව්‍යාපෘති භුමියෙහි පැළ රෝපණය කිරීම සිදුකල අතර මේ සදහා රුක් රෝපණ ව්‍යාපෘතියේ සම්පත් දායකත්වය දැක්වු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ වන විද්‍යා හා වන ව්‍යාපෘති නිලධාරි ෆාතිමා අළුවිහාරේ,මධ්‍ය පරිසර අධිකාරියේ පාරිසරික ප්‍රවර්ධන අධ්‍යක්‍ෂක ශ්‍යාමිණි පෙරියප්පෙරුම, පරිසර ක්‍රියාකාරිනි නෙත්මි හිරන්‍යා කොළඹවිතානගේ හා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

සියළුම යුද්ධ හමුදා ආරක්‍ෂක සේනා ආවරණය වන පරිදි ආරක්ෂක සේනා,බලසේනා මුලස්ථානයන් හා ඒකක ආවරණය වන පරිදි පැල 37,365 ක් සිටුවිම සිදුකල අතර, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍ය පරිසර අධිකාරිය හා විවිධ පරිසර ක්‍රියාකාරින් විසින් ඒ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී. තවද රාජ්‍ය දැව සංස්ථාවේ සම්පත් දායකත්වයෙන් ලබාදෙන ලද පැල 2500 ක් ගාල්ල, කරන්දෙණිය, වැලිකන්ද, කන්දකාඩු, ඉරණමඩු, මුලතිව් හා වව්නියාව ප්‍රදේශයන්හි පාසල් 25 කට අධික ප්‍රමාණයක සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් රෝපණය ලදී.

කුරුදු පැල 15000 ක ප්‍රමාණයක් යුද්ධ හමුදා ගොවිපොල කොහිලවගුරවත්ත කඳවුරු භූමියේද, ටීඊජෙසී (TEJC) අඹ පැල 1500 ක ප්‍රමාණයක් ද ඉරණමඩු හා ආඩියාපුලියන්කුලම යුද්ධ හමුදා ගොවිපොලයන්හී රෝපණය කරන ලද අතර මෙයට අමතරව යුද්ධ හමුදා ගොවිපොලයන් හි පැල 15000 ක් රෝපණය කිරිමද ටිජේ ලංකා පුද්ගලික ආයතනය අනුග්‍රහක දායකත්වයෙන් සිදුකරන ලදී.

What's your reaction?

Related Posts

1 of 323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *