රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ අගමැතිනිය හමු වෙයි.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ මුඛ සෞඛ්‍ය සේවාව සෘජුවම මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියව දැනුවත් කිරීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කළේය.

මෙම අවස්ථාවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මංජුල හේරත්, ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක යන මහත්වරුන් ඇතුළු රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *