රජයේ මෝඩ තීරණ නිසා රටට ලැබෙන ඩොලර් ටිකත් පිටරටට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මෙරටට පැමිණෙන සංචාරකයන්ට වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරිමට රජය තීන්දු කිරීම නිසා විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත් මේ නිසා රටට ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශීය සමාගම් ගණනාවකට ගෙවිය යුතු බවත් මෙවැනි තීන්දුවක් ගන්නට පෙර මූල්‍ය ශක්‍යතා වාර්තාවක් ක්‍රියාත්මක කළා ද කියා ගැටලුවක් පවතින බවත් අවසානයේ මේ බංකොලොත් රටෙන් ඩොලර් පිටරට සමාගම්වලට ලබා දීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වීසා ගැටලුව නිසා විශාල අර්බුධයක් ඇතිව තිබෙන බවත් මේ නිසා රටට අහිමිවන ඩොලර් මිලියන ගණනක් අහිමි වන බවත් මෙසේ අහිමි වන මුදල් අප රටට ලැබුණේ නම් සුහුරු පන්ති කාමරවලින් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 172 වැනි අදියර යටතේ අද ගම්පහ බියගම නාලන්දා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ගෝඨාභයගේ බෝඩ් ලෑලි ජාතික පාසල් දැන් පිළිගන්නේ නැහැලු

පසුගිය කාලයේ ලක්ෂ 20ක් වියදම් කර බෝඩ් ලැල්ලක් ගසා ජාතික පාසල් බිහි කළත් මේ වන විට එම පාසල් ජාතික පාසල් නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශයම පවසන බවත් එම බෝඩ් එකට වියදම් කළ මුදලින් සුහුරු පන්ති කාමර 2ක් සකස් කිරීමේ හැකියාවක් තිබූ බවත් මේ නිසා දූදරුවන්ගේ අපේක්ෂා බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බහුතරයකගේ අපේක්ෂා භංගත්වයට පත්වෙලා

මේ වන විට රටේ සුපිරි ධනවතුන් හැරුණු කොට බොහෝ දෙනකුගේ බලාපොරොත්තු අපේක්ෂා සුන් වී ඇති බවත් දුවා දරුවන්ගෙන් මංකොල්ල කන්න බැරි සොරකම් කළ නොහැකි එකම සම්පත දැනුම බැවින් එම දැනුම සහ දැනුම කේන්ද්‍රීය ආර්ථිකය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙමාපියෝ සිංහල පමණයි දමිළ පමණයි කියද්දි සමාජවාදීන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය ලබනවා

සිංහල පමණයි දමිල පමණයි කිය කිය යනවිට කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තසමාජවාදී සමාජ සාධාරණත්වය ගැන කයිවාරු ගහන සමාජවාදී කයිය නායකයන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පාසල්වලට යන බවත් මේව පෙනි පෙනීත් මේවා නොසලකා නොසිටින ලෙසත් තවදුරටත් මේවා පසුපස ගොස් විරැකියා පෝළිම වැඩි කර ගන්නවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මගේ බෙදිල්ලේ අරමුණ සමාජ සාධාරණකත්වය ඇති කිරීමයි

අධ්‍යාපනයේ ඇති බෙදීම සහ පරතරය ඉවත් කිරිමේ අරමුණ වෙනුවෙන් සම්පත් ලබා දෙන විට බෙදනවා යැයි බනින බවත් තමා මේ බෙදීම් සිදු කරන්නේ අධ්‍යපනයේ ඇති නැති පරතරය නැති කිරිමට බවත් තමා බෙදන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි නොව දරුවන් යහපත් සත්ගුණවත් ශිෂ්ඨසම්පන්න ශීලාචාර පුරවැසියෙක් බවට නිර්මාණය කිරිමට අවශ්‍ය සම්පත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බස් මෑන් කියමින් බෙදිල්ලෙන් රටක් හදන්න බැහැ කියමින් සිටින අයගේ දූදරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් තමන්ගේ දරුවන්ට සුපිරි සැලකිල්ල ලබා දී රජයේ පාසල්වල අඩුපාඩු සපුරන විට සජිත් දන්නේ බෙදන්න විතරයි කියන බවත් තමාගේ මේ බෙදිල්ලේ අරමුණ සමාජ අසාධාරණත්වය නැති කිරිම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ ඇත්තේ අඩුපාඩුකම් සහිත නිදහස් අධ්‍යාපනයක් බවත් රටක් ලෙස අප අධ්‍යාපන ක්‍රමයේ වැරදි තැනක සිටින නිසා පාසල්වලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දී මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 172ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1890ක් වැය කර තිබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *