රජය යුතුකම් නොකිරීමෙන් රණවිරුවන්ට රුසියානු යුදබිමේ මැරෙන්න සිදුවෙලා

රජය රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකිරීම නිසා රුසියානු යුද පෙරමුණේදී ජීවිතක්ෂයට පත්වීමට සිදුව ඇතැයි විපක්ෂ නායකවරයා පවසනවා.

30 වසරක ත්‍රස්තවාදයේ ජයග්‍රහණයෙන් පසු රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේද කියා නැවත සිතා බැලිය යුතු බවත්,රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බැවින් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ඔවුන් ලක්ව ඇති බවද විපක්ෂ නායකවරයා පවසනවා.

සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (18) ගාල්ල නෙලුව දෙල්ලව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා කැපකිරීම් කළ රණවිරුවන් ආර්ථික අපහසුතාවලින් පීඩනයට පත්ව ඔවුන් අපේක්ෂා කළ සහන අහිමි වීම නිසා රණවිරුවන් දරිද්‍රතාවේ පතුලටම වැටි ඇති බවත් පවසනවා.

මේ නිසා ඔවුන් වෙනත් ආදායම් මාර්ග සොයා විදේශ ගතව ඇති බවද සමහරු රුසියාවට ගොස් එරට යුද පෙරමුණට යාමට සිදුව තිබෙන බවයි ඔහු පවසන්නේ.

මේ අයගෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බැවිත් ඊට හේතුව රජය රණවිරුවන් වෙනුවෙන් හරිහැටි යුතුකම් ඉටු නොකිරීම යැයි විපක්ෂ නායකවරයා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 192 වැනි අදියරට එක්වෙමින්.

සමගි ජන බලවේග රජයයක් යටතේ රාණවිරුවන්ට ලැබිය යුතු සියලු සහන වරප්‍රසාද ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *