රටට අවශ්‍ය ආර්ථිකය හැකිලීම නොව ආර්ථික වර්ධනයයි

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය වන්නේ ආර්ථිකය හැකිලීම නොව එය වර්ධනය කර ප්‍රසාරණය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිදහස් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී.

රාජ්‍ය නිලධාරින් විඳින දුක කදුල වේදනාව ගැන හොඳ අවබෝධයක් ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීමට රාජ්‍ය ආදායම වැඩි කළ යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම ආර්ථික වර්ධනය කරන විට ඒ තුළ සමාජ සමානාත්මතාව මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ජාතික ආදායම බෙදී යන ආකාරය අනුව පෝසත් 20% රටේ සම්පත් 50%ට වැඩියෙන් බුක්ති විඳින විට දුප්පත් 20% ජාතික සම්පත් බුක්ති විදින්නේ 5-6%ක් බවත් මෙහි දී සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් සිදු නොවන නිසා සියලු දෙනාම ඇතුළත් ආර්ථික වර්ධනයක් සිදුවිය යුතු බවත් දුප්පත් අය තවත් දුප්පත්වන පොහොසත් අය තව තවත් පොහොසත් වන ආර්ථික වර්ධනයක් අපේක්ෂා නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.

එසේම ජන සමාජයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයගේ ගැටලුවලට ප්‍රශ්නවලට විසදුම් දෙන බවත් මෙහි දී පැහැදිලි ගෘහ ඒකකයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ එවැනි දෙයක් නොවන බවත් පැහැදිලිව ම ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර ආහාර හා ආහාර නොවන වියදම් ගණනය කළ යුතු බවත් ඒ තුළින් දරිද්‍රතාව රේඛාව ගණනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

සමාජයේ විවිධ වෙනස් වීම් තුළ වැරදි තොරතුරු සමාජගත වන බවත් වැරදි මත නිගමන ඇති වන්නේ දත්ත නොමැති නිසා බවත් එම නිසා දත්ත කේන්ද්‍රීය ගමනක් යා යුතු බවත් රාජ්‍ය සේවය ඇතුළුව සමස්ත ජනතාවට ආහාර හා ආහාර නොවන වියදම් පියවා ගන්නා සරිලන ආදායමක් ලැබිය යුතු බවට තමා විශ්වාස කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන බව ඔහු අනාවරණ කළා.

සමගි ජන බලවේග රජයක් තුළ මේ ක්‍රමය වෙනස් කර සාධාරණ වේතනයක් ලබා දී අවම වශයෙන් ආහාර හා ආහාර නොවන වියදම් පියවා ගැනීමේ වැඩපිළිවෙළකට යා හැකි ක්‍රමවේදයක් සකස් කර වෘත්තීය ඉදිරි ගමනට අවශ්‍ය විධිමත් පුහුණුව ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *