රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කෙරේ

රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය 2024 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ පිළිබඳව හරීන් ප්‍රනාන්දුගේ නිල X ගිණුමේ සඳහන් වෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර, එය 2024 මාර්තු 31 දක්වා කාලය සඳහයි ක්‍රියාත්මක වී තිබුණේ.

චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්හට නොමිලයේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *