රට බංකොළොත් බවින් මුදා ගැනීම සැලසුම් කළ කාලයටත් පෙර සිදු කළා

රට බංකොළොත් බවින් මුදා ගැනීම සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මණින් සිදුකර ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවැනි සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දැනට ඉදිකර තිබෙන ඩොංශියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ආයතනය (Dongxia Industrial & Commerce Co.Ltd.) විවෘත කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණා.

එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවකට ජනාධිපතිවරයා එක් වුණා.

එහිදී අද උපන්දිනය යෙදී ඇති සේවිකාවක් සමග ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *