රට හදන වැඩපිළිවෙල තියෙන්නෙ සජිත් ළඟ

    ‘‘රට හදන්න පුලුවන් හොද මිනිස්සු ටිකක් ජනතාව ඉල්ලුවා. හැබැයි රටත් හදන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන. රට හදන වැඩපිළිවෙළේදී ආර්ථිකය , අධ්‍යාපනය , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය ගොඩනගන ශක්තිමත් වැඩපිළිවෙළ තිබෙන්නේ සමගි ජනබලවේගයේ සහ සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුවයි.

අපි දිනවන්න ඕන වැඩපිළිවෙළක් , ඒ වගේම වැඩපිළිවෙළක් ගෙනියන්න පුලුවන් නායකයෙක්. ඒ වගේම නායකයා සමඟ වැඩ කරන්න පුලුවන් හොද කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. මේ කරුණු තුන සාර්ථක වුණේ නැත්නම් රටක් ඉදිරියට ගෙන යන්න අපහසුයි. මම සමගි ජන සන්ධානය සමඟ එකතුවුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ දිනවන්න.

සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ පහළ මට්ටමේ සිට දේශපාලනයේ හොද ගමක් පැමිණි පුද්ගලයෙක්.  සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක්  , ඇමැතිවරයෙක් , සහ විපක්ෂ නායක බවට පත්වුණා. සජිත් ප්‍රේමදාස කියන්නේ දැක්මක් තිබෙන නායකයෙක්. ඔහුත් සමඟ වැඩ කරන්න පුලුවන් දක්ෂ කණ්ඩායමක් ඉන්නවා.‘‘

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *