රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට

තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

ජයලාල් නැමැත්තා තමා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසි තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව යූටියුබ් නාලිකාවකට පවසා ඉන් පසු රත්නපුර ප්‍රදේශයේ පැවති රැලියකදී
ලක්ෂ දහඅටක් ගෙවීම පැහැර හැර ඇති බවට පරස්පර විරෝධී ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

ඔහුගේ මේ ප්‍රකාශය ඇසීමෙන් පුදුමයට පත් වූ තමා විදුලි බල මණ්ඩලයෙන් ඒ ගැන කරුණු විමසූ අවස්ථාවේදී එවැනි ලොකු හිඟ මුදලක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද ඇමැති ධූරය නොමැති කාලයේදී රුපියල් 25,400 ක හිග මුදලක් පවතින බව ප්‍රකාශ කිරීමෙන් ඒ අවස්ථාවේදීම එම මුදල ගෙවා දැමූවේ යැයිද සෙනෙවිරත්න මහතා කීවේය.


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *