රනිල්ට සපෝට් කළ පොහොට්ටුවේ තරුණයෝ ලෝක අමාරුවක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට පැවැති ජනාධිපතිවරණයේදී සහාය පල කළ පොදු ජන පෙරමුණේ ඇමැති ධුර ලැබු තරුණ මන්ත්‍රීවරුන් දැඩි දෙගිඩියාවෙන් පසුවන බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ එම පිරිස් ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්ණ සහගත තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි එම පිරිස් මේ වන විට එම පක්ෂයේ ජනාධිපතිවරණය් තීන්දුවට එරෙහිව ක්‍රියා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කර සිටියා.

ඒ අනුව පක්ෂය විසින් එම පිරිස යළි එක් කර නොගැනීමට තීන්දු කර සිටි අතර එම ඉවත් වු පිරිසට ද යළි පොදු ජන පෙරමුණට එක්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට පොදු ජන පෙරමුණෙන් ඉවත් වු පිරිසට විකල්ප කිහිපයක් තිබෙන බව වාර්තා වනවා.

එම විකල්ප නම් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීම, එක්සත් ජාතික පක්ෂය තරඟ වදින ගෑස් සිලින්ඩරය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම, එසේ නොමැතිනම් හිටපු අගමැති දිනේෂ් පෙරමුණගේ නායකත්වය යටතේ කුසලානයේ ලකුණුනින් තරඟ කිරීම හෝ මෙවර මහමැතිවරණයට තරඟ නොකර සිටිම.

මේ සම්බන්ධයෙන් හිරු නිව්ස් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්ගෙන් විමසිමක් කර සිටියේ ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් ජනතාව සමඟ බිම් මට්ටමින් සාකච්ඡා කර කණ්ඩායමක් වශයෙන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ඔහු අප වෙත වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට ජනතාව අතර පවා රනිල් වික්‍රමසිංහගේ රජයේ අමාත්‍ය ධුරයන් දැරු කිසිවෙකුට මෙවර මහමැතිවරණයේදී තරඟ කිරීමේදී දැඩි අසරණභාවට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *